කළුතර බෝධිය |
ශ්‍රීමත් සිරිල් ද සොයිසා |
මුලින්ම මං ඔයාලට සවාරියක් තුලින් අරගෙන ආවේ මං ජීවත්වන දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සුප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයක් පිළිබඳවයි.බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රෞඩත්වය විදහා පාන සුවිශේෂී බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස කළු ගඟට මායිම්ව ඇති කළුතර බෝධිය හැඳින්විය හැකිය.වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි කළුතර බෝධිය ලෝකයේ පැරණිතම වෘක්ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් වේ. මහා බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි. එහි සඳහන් වන්නේ එය “මහා ජල්ලික” නම් ගමක රෝපණය කරන ලද බවයි. එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. මේ කාල වකවානුව තුළ උඩ මළුවේ (වර්තමාන වටදාගේ පිහිටි ස්ථානයේ) "ගංගාතිලකය" නම් වූ විහාරයක් පැවති බව සඳහන්වේ. වරින් වර විදේශ ආධිපත්‍යයට පත්වූ මෙම භූමිය බ්‍රිතාන්‍යයන්ට අයත්ව සිටි කාලයේ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට වත් ඉඩ නොදී ඇති බව සඳහන්වේ.
වර්තමානයේ අටවිසි බුද්ධ ප්‍රතිමා ස්ථාපිත කර සාදන ලද ප්‍රාකාරයත්, රන් වැටත් බෝධීන් වහන්සේගේ තේජාන්විත භාවය මනාව ඉස්මතු කර පෙන්වයි. මෙයට දකුණු දෙසට වන්නට ඇති ධර්ම ශාලාවට යාබදව බ්‍රිතාන්‍යයින්ට අයත් ඵ්ජන්ත නිල නිවස සේ භාවිත ගොඩනැගිල්ල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද්දකි. වර්තමානයේ මෙය නව ප්‍රතිසංස්කරණය කර ඇති අතර එහි කොටසක් ගබඩාව ලෙස ද, ප්‍රධාන කොටස තාවකාලික භික්ෂු ලැගුම් ගෙය ලෙස ද භාවිතා කරයි.
ක්‍රි.ව. 1921 දි බලපිටියේ වංශවත් පරපුරක් නියෝජනය කල නීතීඥ “ශ්රීමත්සිරිල් ද සොයිසා” නම් වූ යුග පුරුෂයා කළුතර අධිකරණයේ සේවයට පැමිණීම මෙම ඓතිහාසික සිද්ධස්ථානයේ වත්මන් අසිරියේ පළමු අදියර වේ. 1921 වර්ෂයේ දී තවත් දානපතියන් හා ඵක්ව පහත මළුවේ බෝධීන් වහන්සේගේ සංවර්ධනයට ඵතුමා විසින් පියවර ගෙන ඇත. 1939 වන විට පහත මළුවේ කුඩා චෛත්‍ය හා ගඟ ආසන්නයේ බුදු මැදුර තැනීම ආරම්භ කර ඇත. 1953 වන විට කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටවා ඇති අතර පසු කලෙක ඊට පහල හා උඩ මළුවේ හිමිකාරත්වය ලැබී ඇත. උඩ මළුවේ වන දැවැන්ත චෛත්‍යට මුල්ගල තබන ලද්දේ 1964 දී වන අතර, ඊට 1974 දී කොත් පැළදවා ඇත. මෙම සියළුම බෝධීන් වහන්සෙලාගේ නිරන්තර සෞඛ්‍ය තත්වය සොයා බැලීමට ඵ් සඳහාම විශේෂතා ඇති වෛද්‍යවරුන්ද යොදා තිබීම විශේෂත්වයකි.
කළුතර බෝධි පරිශ්‍රයේ නම කියවෙත්ම “නීතීඥ ශ්‍රීමත් සිරිල් ද සොයිසා” මහතාගේ නාමය අමතක කළ නොහැකියි. කළුතරට ඉමහත් සේවාවක් කළ මෙතුමාගේ සද්කාර්යන් අතර කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර විද්‍යාලය ඇරඹීම, කතරගම කිරිවෙහෙර ප්‍රතිසංස්කරණය කර අද ඇති තත්වයට පත් කිරීම, එම මාර්ගය සෑදීම, කතරගම වන්දනාවේ පැමිණෙන්නන්ට සුවිසල් විවේකාගාරයක් ඉදිකිරීම ඇතුළු තවත් පුණ්යකර්ම රාශියකි. 1896-12-21 දී බලපිටියේ උපත ලැබූ එතුමා 1978-01-02 දින අභාවප්‍රාප්ත විය. එතුමාගේ පිළිරුවක් කළුතර බෝධි පරිශ්‍රයේ ඇති අතර එය 1986-02-23 දින නිරාවරණය කෙරිනි.
ඉංග්‍රිසි යුගයේ ඉදිකල බව සැලකෙන රිමාන්ඩ් බන්ධනාගාරය මෑතක් වනතුරු බෝධීන් වහන්සේට දකුණු පසට වන්නට තිබී ඇති අතර පසුව බෝධි භාරකාර මණ්ඩලයේ ඉල්ලීම මත එම ස්ථානයෙන් බැහැර කර තිබේ. රැඳවියන් භාවිතා කළ නාන ලිඳ අදටත් ඵම භූමියේ දැකගත හැකියි.2007-11-01 දින මේ බෝ සමිඳු වැඩ වසන මළුව තෙක් පියගැට පෙල හා එම මග සරසා වියනක් සෑදීම ආරම්භ කර ඇති අතර එය මෙම භූමියේ යෝජිත නවතම ඉදිකිරීම වේ.
අපි එහෙනම් සවාරියක් තුළින් ඉක්මණටම ලංකාවේ පිහිටා ඇති තවත් සුන්දර ස්ථානයක් එක්ක හම්බෙමු.මේ ලිපිය කියවපු ඔයාලා මේ ලිපිය ගැන පහළින් comment එකකුත් දාගෙන යන්න.
ආශ්රිත මූලාශ්‍ර:-
- කුඩා කල සිට කිහිප වතාවක් ම කළුතර බෝධිය වැඳ පුදා ගත් මා 2024 නවම් පොහෝ දින මෙම සිද්ධස්ථානයට ගිය අවස්ථාවේ ශ්‍රීමත් සිරිල් සොයිසා මැතිතුමා අනුස්මරණ කෞතුකාගාරයෙන් මෙම තොරතුරු සොයා ගන්නා ලදී
0 Comments