• අද අපි සවාරියක් තුළින් රැගෙන එන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය මධ්‍යයේ පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික ස්ථානයක් පිළිබඳවයි.එය ගාලු කොටුවයි.මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති ස්ථාන අතරින් වැදගත්ම ස්ථානයක් බවට හඳුන්වා දිය හැකිය.


ගාලු කොටුව



  • ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පෘතුගීසින් ඉදිකළ බලුකොටුවයි.මෙය වසර 440  කට පමණ පෙර ඉදිකරන ලද්දකි.පෘතුගීසින් විසින් ඉදිකළ මෙය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලදී.අද සවාරියක් තුළින් වැඩි වශයෙන් කතා බහට ලක් වෙන්නේ ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මෙම ඉපැරණි වස්තුව පිළිබඳවයි.මෙය ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිග මුහුදු තීරයේ පිහිටා ඇත.ක්‍රිස්තු වර්ෂ 1588 දී පෘතුගීසින් විසින් ඉදිකරන ලද්දකි.මෙම ආශ්චර්යමත් නිමැවුම පෞරාණික වටිනාකමකින් යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇත.මෙහි ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් ඉදිකිරීම් ද්‍රව්‍ය ලෙස යොදාගෙන ඇත.ශ්‍රී ලංකාවට ඇති වාස්තු විද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.මෙය ආරක්ෂිත බලකොටුවක් ලෙසද හඳුනාගත හැකිය.ඊට හේතු වනුයේ ලන්දේසීන් ලක්දිවට පැමිණි පසු පරිපාලන කටයුතු ආරක්ෂිතව කරගෙන යාම සඳහා කළුගල් කුට්ටි උපයෝගී කරගෙන දැවැන්ත පවුරක් කොටු කරගත් සීමාවක් මෙහි ගොඩනැගීමයි.එමගින් මෙය ආරක්ෂිත පවුරක් සේ වට වුණි.


ගල් බැම්මේ සිට ගාලු කොටුව සහ මුහුදු වෙරළ දිස්වන ආකාරය



  • ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් ජෛව විවිධත්වයක් ඇති උණුසුම් ස්ථානයක් ලෙස මෙය වර්ගීකරණය කොට ඇත.එය නැරඹීමෙන් මෙය අපට සනාථ කර ගැනීමට හැකිය.එක් පැත්තකින් නිමක් නැති සාගරය මෙන්ම මෙම ගාල්ල ලන්දේසි කොටුව අදුරු ඝන ගල් බිත්ති මගින් ආරක්ෂාවක් සෑදී ඇති දුර්ලභ ඓතිහාසික වස්තුවකි.

  • මෙම නිර්මාණ ආකෘතිය කෙබඳු දැයි විමසුවහොත් ගාලු මුහුදු තීරය වටා දැවැන්ත පර්වතයක් පරිදි මහා පරිමාණ කොටුවක් ලෙස ඉදිකොට ඇත.උල් කර ඇති මුදුන් සහිත ගරාදි වැටකින් වරායේ දකුණු පසට ආරක්ෂාව සැපයීය.දෙපැත්තෙන් ඇති මුහුදු වෙරළ සම්බන්ධව ඉදිකොට ඇති දිය අගල රට ඇතුළතින් අට්ටාල තුනක් සහිත කොටු බැම්ම විය.

  • මෙම ආරක්ෂිත බලකොටුව ලන්දේසින් තවත් ප්‍රතිසංස්කරණය කරන ලදී.මෙහි අතීත සටහන් විමසීමෙන් දැන ගැනීමට හැකි වූයේ ලන්දේසීන් විසින් මෙය පෙර ආරක්ෂිත දිය අගල අඩි 30 ක් පමණ දක්වා පළල් කොට ඇති බවයි.එසේම කාලතුවක්කු මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇත.


ගාලු කොටුවේ පිහිටා ඇති කාලතුවක්කු



  • අතීත ආරක්ෂිත බලකොටුව වූ ගාලු බලකොටුව තුළ වර්තමානයේ රජයේ පරිපාලන ගොඩනැගිලි සමූහයක් ඉදිකොට ඇත.ඒ වගේම සංචාරක ආකර්ෂණය දිනා ගෙන ඇති ආකර්ෂණීය පාරාදීසයක් ලෙස මෙය ඉතා ජනප්‍රිය වේ.


ගාලු කොටුව ආශ්‍රිතව දැක ගත හැකි ප්‍රසිද්ධ ඡායාරූප

ගාලු කොටුවේ දක්නට ඇති ප්‍රසිද්ධ ඓතිහාසික  ඔරලෝසු කණුව


ගාලු කොටුවට දිස්වන ගාල්ල ප්‍රදීපාගාරය


ගාලු කොටුවේ දක්නට ඇති ප්‍රසිද්ධ අවන්හල්



  • අපි එහෙනම්  සවාරියක් තුළින් ඉක්මණටම ලංකාවේ පිහිටා ඇති තවත් සුන්දර ස්ථානයක් එක්ක හම්බෙමු.මේ ලිපිය කියවපු ඔයාලා මේ ලිපිය ගැන පහළින් comment  එකකුත් දාගෙන යන්න.

Content Writer-Lahiru Buddhika


ආශ්‍රිත මූලාශ්‍ර:-
  • ගාලු කොටුව නැරඹීමෙන් සොයා ගත් තොරතුරු
  • "ගාලු පුරය" ග්‍රන්ථය
  • අන්තර්ජාලය